තරාතිරම නොබලා වෙරළ දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න – ජනපති

Spread the love

වෙරළ තීරය දූෂණය වන ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන්ට සහ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා‍ නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එලෙස උපදෙස් දුන් බවයි.

මෙරට ජනගහනයෙන් 24%ක් ද ඉඩම්වලින් 25%ක් ද වෙරළ කලාපයට අයත් වේ.

වෙරළ කලාප කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ මෙම සාකච්ඡාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු එක්ව සිටියහ.

අදාළ නිලධාරීන් පේනවා දී ඇත්තේ, අනවසර ඉදිකිරීම් හා ඇතැම් හෝටල මගින් වෙරළට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් දැඩි පරිසර හානියක් සිදු වන බවයි.

වෙරළ කලාපයේ ඇති සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම වෙරළ ඛාදනය, පිවිසුම් මාර්ග නොමැති වීම සංචාරක පහසුකම් ඇතුළු ව්‍යාපෘති කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණි.

පේදුරු තුඩුව ධීවර වරායක් ලෙස සංවර්ධනය කිරීම, වෙරළාසන්න ව්‍යාපාරවල නිරත ජනතාවට පහසුකම් සැලසීම ඇතුළු ව්‍යාපෘති පිළිබඳවද ජනාධිපතිතුමා වෙත කරුණු පැහැදිලි කෙරුණි.


RSL

Related Posts