තම ශක්තිය උරගා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ කණ්ඩායම මේ මස 05 වැනිදා කොළඹදී දැවැන්ත ජන රැලියක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ. මෙම රැලියට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා සමග සිටින සියලුම ඉහළ පෙළේ පක්ෂ නායකයන් එක්වන බව ජවිපෙ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ‘කුමාර මහත්තයාගේ’ කණ්ඩායමද තම ශක්තිය රටට පෙන්වීම සඳහා සූදානම් වෙමින් සිටිති.
දෙපාර්ශ්වයම දැනටමත් නගරයෙන් නගරයට, ගමෙන් ගමට ගොස් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන් මෙන්ම සිසු ප්රජාවද හමුවී පක්ෂයේ වර්තමාන අර්බුදය ගැන තම තමන්ට වාසිවන ආකාරයට දැනුවත් කිරීම ආරම්භ කර ඇත.
- Thursday
- January 16th, 2025