ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 85,000ක්

Spread the love

රජය විසින් ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ලබන වසරේ රුපියල් මිලියන 85,000ක් වෙන් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම සියලු මුදල් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවිය යුතු බවට රජය උපදෙස් දී ඇති බවද අමරවීර මහතා පැවසීය.

අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (25) පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

“රැකියා විරහිත අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික තත්ත්වය නඟා සිටුවීමට ජනාධිපතිතුමා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. එවැනි බඳවා ගැනීම්වලට අද පත්වීම් දෙනවා. රජයක් ලෙස අපේ ප්‍රධාන අරමුණ ජනතාවගේ ජීවනෝපාය දියුණුව ඉහළ නැංවීමයි. මේ සඳහා මේ වසරේ අයවැයෙන් ප්‍රාදේශීය සංවර්ධනයට රුපියල් මිලියන 85,000ක් වෙන් කර තිබෙනවා.මේ සියලු මුදල් වැය කරන්නේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහායි.

මේ අතර අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට ද රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ

Related Posts