ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් අනුව හැදූ අයවැය හෙලා දකිනවා – ජවිපෙ

Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත ඉදිරිපත් කළ අයවැය අපි හෙලා දකිනවා, ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන ප්‍රෝඩාකාරී අයවැය තුළ තරුණ විරැකියාවට උත්තර නෑ. උපාධිධාරීන් ගැන සඳහනක්වත් නෑ යනුවෙන් කිරිබත්ගොඩ දී අයවැයට විරෝධය පලකරමින් ජවිපෙ පැවැත්වූ උද්ඝෝෂණයකට එක්වෙමින් ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

මෙම උද්ඝෝෂණය ඊයේ(04) පෙරවරු 10.30ට පමණ කිරිබත්ගොඩ නගරයේදී පැවැති අතර එම අවස්ථාවට පා.ම සුනිල් හදුන්නෙත්ති, නාගරික මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල, සමන්මලී ගුණසිංහ, බස්නාහිර පලාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ගොවි, ධීවර මෙන්ම රජයේ සේවකයන්ට කිසිදු වැටුප් වැඩිකිරීමක් කර නැති බවත් පෞද්ගලික අංශයේ සේවකයන් ලක‍ෂ 70ක් සම්පූර්ණයෙන් අමතක කර ඇති බවත්ය.

අද ඉන්ධන මිල වැඩිවෙලා. ඒ අනුව භාණ්ඩ මිල වැඩිවෙලා. මේ රටේ ජනතාවට දරාගන්න බැරි ජීවන බරක් තමන්ගේ කර මත පැටවිලා. බදු බර වගේම ණය කන්දරාවක් ජනතාවගේ හිස මත පටවා අවසන්. මේ තත්වය තුළ ජනතාව රවටන ප්‍රෝඩාකාරී අයවැයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ රටපුරා මේ උද්ඝෝෂණ මාලාව පවත්වනවා. ගොවි විශ්‍රාම වැටුප වහාම ලබාදිය යුතුයි, තරුණයන්ට රැකියා ලබාදිය යුතුයි, අධ්‍යාපනය පෞද්ගලීකරණය වහාම නැවැත්විය යුතුයි කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

RSL

Related Posts