ජනාධිපති "ග්ලාස්ගෝ" සංචාරය ගැන මත දෙකක්

Spread the love

jnmබ්‍රිතාන්‍යයේ ‘ග්ලාස්ගෝ’ හි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල විසි තුන් වන දා ආරම්භ කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සහභාගිත්වයෙන් තොරවයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හවුලේ සභාපතිවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නොපැමිණීම ජාත්‍යන්තර අවධානයට ලක් විය.
නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිවරයා ‘ග්ලාස්ගෝ’ නොපැමිණීමට හේතු වී ඇත්තේ ආරක්ෂක ප්‍රශ්න සහ බ්‍රිතාන්‍ය ජනතාවගේ පහසුව සැලකිල්ලට ගනිමින් බවයි.
තව දුරටත් හේතු පැහැදිලි කරමින් අමාත්‍ය නියෝමාල් පෙරේරා කියා සිටියේ බ්‍රිතාන්‍ය රජය ජනාධිපති තුමාට දැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර නොගත් බවයි.
මේ හේතුවෙන් මුහුණ පෑමට සිදුවන අපහසුතා මෙන්ම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා ලෝලීන්ට ඇති විය හැකි අපහසුතා සලකා මෙවර ක්‍රීඩා උළෙලට ජනාධිපතිතුමා නොපැමිණීමට තීරණය කළ බව ඔහු පෙන්වා දුන්නේ ගියවර ආරක්ෂාව ලබා දීමට බ්‍රිතාන්‍ය රජය අපොහොසත් වීමෙන් මුහුණ පෑමට සිදු වූ අපහසුතා මතක් කරමිණි.
නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය මෙතෙක් තම අදහස් පළ කර නොමැත.
එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ‘ග්ලාස්ගෝ’ නගරයට පැමිණ සිටි ක්‍රීඩා අමාත්‍ය කියා සිටියේ ඌව පළාත් සභා මැතිවරණය හේතුවෙන් ජනාධිපතිවරයාට ක්‍රීඩා උළෙලට පැමිණීමට අවකාශයක් නොලද බවකි.
මේ අතර ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද බ්‍රහස්පතින්දා මූලික තරඟ ඉසව් කීපයකට සහභාගී වුහ.ඉදිරි දින වල ඔවුන් තවත් ඉසව් කීපයකට සහභාගී වීමට නියමිතයි.

RSL

Related Posts