ජනපති කතාව මධ්‍යස්ථයි

Spread the love

ජනාධිපතිවරයකු කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය රාජාසන කතාවෙන් කළත් අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.

රටේම තිබෙන ප්‍රශ්න පිළිබඳව එම රාජාසන කතාවේ අවධානය යොමුකර තිබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ‍ය

එමෙන්ම මෙය තවත් එක් රාජාසන කතාවක් පමණක් නොවේවි යන්න විශ්වාස කරන බවත් රටේ ප්‍රශ්න විසඳීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධ යෝජනාව කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් හෙතෙම සඳහන් කළේය

ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක්නිර්මාණය වනු ඇති බවත් එහි තනතුරු ගන්නවාද නැද්ද යන්න පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගෙන ඉදිරියේදී ක්‍රියා කරනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

RSL

Related Posts