ජනතාව ත්‍රෛලෝක විජය පත්‍රවලින් මත්කරලා සුරංගනා කතා කිව්වාට හරියන්නේ නැහැ – එරාන් වික්‍රමරත්න

Spread the love

නීති සම්පාදනයෙන් පමණක් රටක් සෑදිය නොහැකි බවත් ඒ සඳහා ආදර්ශයක් සැපයීම වැදගත් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු බවත් ඉන්පසු පාර්ලිමේන්තුවේ අනෙකුත් පිරිසට සහ ඉහළ නිලධාරීන්ට සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට සිදුවන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

එසේම ජනතාව ත්‍රෛලෝක විජය පත්‍රවලින් මත්කර සුරංගනා කතා ප්‍රකාශ කිරීම සාර්ථක නොවන බවත් රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට දැක්මක් පමණක් නොව දින වකවානු සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts