චීන මහජන බැංකුව සමඟ ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

Spread the love

දෙරටේ ආර්ථික සංවර් ධනය සඳහා ද්විපාර් ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර් ධනය කිරීමටත්, දෙපාර් ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර් ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එලඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ.

2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර් දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මහබැංකු දෙකෙහි අධිපතිවරුන් වන, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර් ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ  චීන මහජන බැංකු අධිපති, ආචාර් ය යී  ගැන්ග් මහතා, මෙම ගිවිසුමෙහි අත්සන් දායකයන් වේ.

මෙම ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක) මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබා ඇත. මෙම ගිවිසුම වසර තුන ක (3) කාල සීමාවක් සඳහා වලංගු වේ.

Related Posts