භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කළ පුද්ගලයාට රාජ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බවත්, තමා එල්ටීටීඊ බෝම්බ වැදි රෝහල් ගත කර ඉන්නා කාලේදීවත් එවැනි කිසිදු අනුග‍්‍රහයක් නොලැබුණු බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ, ඊයේ (13 ඔක්.) පැවති සුදු කොඩි නඩුවේ සාක්ෂි විමසීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සමග කොළඹ මහාධිකරණයෙන් පිටව යන අතරතුරදීය.
මෙහිදී මාධ්‍යෙව්දීන් අමතා ඔහු මෙසේ පැවසීය.
‘‘ඒ රාජ්‍ය ආරක්ෂාව එල්ටීටීඊ බෝම්බ වැදිලා ඉස්පිරිතාලේ ඉන්න කාලේ මටවත් දුන්නේ නැහැ. ඝාතනයින්ට රාජ්‍ය ආරක්ෂාව දෙන මිනිහා තමයි පුරසාරම් කියන්නේ. මේ රටේ පාතාලය ඉවර කරනවා කියලා. ජය වේවා“