කොළඹ මහ නගර සභාව විපක්ෂය හෝ ආණ්ඩුව ජයග්‍රහණය කර නොමැති අතර ජනතාව දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කර ඇතැයි, අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න ඊයේ (19 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අග්‍රමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව දෙපාර්ශවයම එක්වී කොළඹ ගොඩනැගිය යුතු බවයි. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව සංශෝධන පනත් කෙටුම්පතේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ, තම පක්ෂයේ බලාපොරොත්තුව රට ගොඩනැගීම බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ද විවාදයට එක්වෙමින් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තමන් අනුමත නොකරන බවයි.
Loading...