කොළඹ ජනයා වෙනුවෙන් ආණ්ඩුව කිඹුල් කඳුළු හෙළනවා – කරූ ජයසූරිය

Spread the love

කොළඹ ජනතාව ගැන කිඹුල් කදුථ හෙළන සහ මෙතුවක් කල් නොතිබුනු අමුතු ආදරයක් දක්වන ආණ්ඩුව එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය වසර දාහතර තුළ සතයක හෝ මුදලක් වෙන් නොකළ බවත් වසර 1999 සිට මේ දක්වා කොළඹ නාගරිකයන්ගේ මහජන අවශ්‍යතා වෙනුවෙන් මධ්‍යම රජයෙන් සතයක් හෝ ලැබී නැතැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සම්පූර්ණ නිවේදනය මෙසේය.
මහ නගර සභා මැතිවරණයේ අවසාන දින කිහිපයට ළංවෙත්මල කොළඹ බලය හිමිකරගැනීම සදහා, එක්සත් ජනතා නිදහස් සන්ධානය දැනට පතුරුවමින් සිටින ව්‍යාජයන් ද පිම්මේ වැඩිවෙමින් පවතී.
මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකල ඊට තරග කරන සෑම දේශපාලන පක්ෂයක් අනුගමනය කළ යුතුයැයි මැතිවරණ කොමසාරිස්වරයා නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ තුට්ටුවකටවත් මායිම් නොකරමින් සහ ඒවා අමුඅමුවේ උල්ලංඝණය කරමින් මු`ථමනින්ම නීතිවිරෝධී මැතිවරණ ව්‍යාපාරයක නිරතවෙමින් සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය, එයින් පමණක් ජයග‍්‍රහණය ලබාගත නොහැකි බව දැනගෙන ඡන්දදායකයන්ගේ ස්වාධීන තීරණයට දැඩිසේ බාධාවන ලෙසින් ව්‍යාජ මතවාද රැුුසක් මේ වන විට පොම්ප කරමින් සිටිති. පසුගිය කාලයේ දිගින් දිගටම කළාසේ ව්‍යාජයන් හරහා ජනමතය අවුල් කිරීම ආණ්ඩුවේ දුෂ්ඨ න්‍යාය පත‍්‍රය වී ඇති බව පෙනෙන්නට තිබේ.

නගර සභා මැතිවරනයක දි කිසිදා දැකගත නොහැකි සහ ජනාධිපතිවරණය වැනි ජාතික මට්ටමේ මැතිවරණයක දී යොදාගන්නා අන්දමේ දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් කොළඹ ජනතාව අතර හුඹස් බිය වපුරවමින් සිටින සන්ධානය අ`ථතින්ම සමාජගත කරමින් සටින බොරුව වනුයේ මධ්‍යම ආණ්ඩුව හා සහයෝගයෙන් වැඩකළ හැකි නගරාධිපතිවරයෙකු කොළඹට තෝරාපත් කර ගත යුතු බවය.
එසේ පවසමින් ආණ්ඩුව අවධාරණය කිරීමට උත්සාහ කරන්නේ මධ්‍යම රජය හොබවන පක්ෂය නියෝජනය නොකරන නගරාධිපතිවරයෙක් තේරී පත්වුවොතින් ඒ තුළ නගරවැසියන්ට කිසිවක් නොලැබී නගර සභා පරිපාලනය අවුල් වන බවය.
කොළඹ මහ නගර සභාව හරහා ජාතික දේශපාලනයට අවතීර්ණ වුවෙකු ලෙස මම මේ ප‍්‍රවාදයල මු`ථමනින්ම ප‍්‍රතික්ෂේප කරමී. මා, එසේ එම බොරුව ප‍්‍රතික්ෂේප කරනුයේ කොළඹ පුරපතිවරයකු ලෙස මා ලැබූ ප‍්‍රායෝගික අත්දැකීම් තුලිනි.
එදා කොළඹ පුරපතිවරයා ලෙස මා තේරී පත්වනවිට ආණ්ඩු බලය හෙබවුයේ චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ප‍්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණයි. අද ජනමතය විකෘති කිරීමට උත්සාහ දරන සන්ධානයේ ප‍්‍රකාශකයන් ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන කාරනය සත්‍යයක් නම් එදා නගරාධිපතිවරයා වූ මාහට ද කිසිවක් කිරීමේ හැකියාවක් නොතිබිය යුතුය. නමුත් කොළඹ නගරාධිපතිවරයා ලෙස සේවය කල කෙටි කාල පරාසය තුළ මා කළ කී දෑ මේ රටේ ජනතාව හො`දින් දනී. ඒ පිළිබ`දව අටුවා ටිකා ටිප්පනි පැවසීම අවශ්‍ය නොවේ. සැබවින්ම නගරාධිපතිවරයෙකුට තමන්ගේ වපසරිය තුළ කළ හැකි දෑ බොහෝය. මා එය එදා ප‍්‍රායෝගිකව ඔප්පු කළේ කොළඹ නගරයට හා මේ රටට ඉමහත් අභිමානයක් ගෙන දෙමිනි. ආසියාවේ හො`දම නවීකාරක නගරාධිපතිවරයාට හිමි සම්මානය දිනාගත් මා අලංකාරම නගරයට හිමි සම්මානය ද කොළඹට ගෙන ආවෙමි. එසේම ආසියාවේ හො`දම කළමනාකාරීත්වය හිමි නගරයට හිමි සම්මානයද අප කොළඹට ගෙනාවෙමු.
මේ සියල්ල අප ලැබූ පෞද්ගලික ජයග‍්‍රහණ නොව කොළඹ ජීවත්වන ඔබ සැම සිය`ථ දෙනා සම`ග එක්ව ලැබූ සාමුහික ජයග‍්‍රහණයන් වෙි. එවැනි අවස්ථාවල ඒ ජයග‍්‍රහණයන්ගෙන් ආඩම්බර වෙනවා වෙනුවට තවතවත්් නිහතමානව ඊටත් වඩා ජනතාවට සේවය කිරමට අපි අධිෂ්ඨාන කරගන්නෙමු.
සාමාන්‍යයෙන් කොළඹ මහ නගරසභාවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන හතකට ආසන්නය. එයින් බිලියන දෙකක් වෙන් වනුයේ සේවක පඩි නඩි ගෙවීම වෙනුවෙනි. සෙසු ඉතුරු මුදල් මහජන උපයෝගිතා සේවාවන් පවත්වා ගෙන යෑම ස`දහා යෙදවෙයි.
මෙහිදී මා එක කාරනයක් වගකීමෙන් සහ අවධාරනයෙන් ස`දහන් කිරීමට කැමැත්තෙමි. ඒ 1999 වසරේ සිට මේ දක්වා කොළඹ නාගරිකයන්ගේ මහජන අවශ්‍යතා එම උපයෝගීතා සේවාවන් සැපයීමට කිසි`දු මුදලක් මධ්‍යම රජයෙන් ලැබී නොමැති බවය. කොළඹ ජනතාව ගැන කිඹුල් ක`දු`ථ හෙළන සහ මෙතුවක් කල් නොතිබුනු අමුතු ආදරයක් කොළඹ ජනතාවට දක්වන ආණ්ඩුව එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය වසර දාහතර තුළ ශතයක හෝ මුදලක් වෙන් නොකළ බව මා පවසනුයේ දැඩි වගකීමෙනි. එම සේවාවන් පවත්වා ගෙනගොස් ඇත්තේ නගර සභාව සතු අරමුදල් ම`ගිනි. වෙනතක් තියා මෙම ආණ්ඩුවෙි සමිපූර්ණ ආශිර්වාදය ඇතිව පසුගිය කාලයේ ක්‍‍්‍රියාත්මක වූිරූකඩ පාලනය’ ටද මධ්‍යම ආණ්ඩුවෙන් කියා තඹ දොයිතුවක් ලැබුනේ නැත. ඒ නිසා මධ්‍යම ආණ්ඩුවෙි සහාය නැතත් තනිවම ස්වාධීනව කටයුතු කිරීමෙි හැකියාවක් කොළඹ මහා නගරසභාව සතුව පවතී.
අනෙක් අතට ප‍්‍රජාතන්ත‍්‍රීය භාවිතාව අතින් බලන කළද මධ්‍යම ආණ්ඩුව හා ඊට සමිබන්ධයක් නොමැති දේශපාලන පක්ෂයක් රටෙි ප‍්‍රධාන වානිජ අගනගරයේ බලය හිමිකරගැනීම යහපත් වූ ප‍්‍රවනතාවයක්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්‍‍්‍රමයක තිබිය යුතු මූලික ගුණාංග වන සංවරණය හා තුලනය වඩාත් හො`දින් කි‍්‍රයාත්මක වනුයේ එවිටය.
අපි ඉදිරිපත් කර ඇති පුරවර දැක්ම, වැඩපිළිවෙල මධ්‍යම රජයේ අනුග‍්‍රහය නොමැතිව ක්‍‍්‍රියාවට නැංවීය හැක්කේ කෙසේද යන්න විමසමින් සන්ධාන ප‍්‍රකාශකයන් ප‍්‍රශ්න කරනුයේ ඒ වැඩපිළිවෙළ ස`දහා අරමුදල් සපයාගන්නේ කෙසේද යන්න කියාය. එය වැදගත් ප‍්‍රශ්නයකි. කොළඹ මහ නගර සභාවෙි එදිනෙදා වැඩකටයුතු ස`දහා අමතර මුදල් ඒ හැටි අවශ්‍ය නොවුනත් අප විසින් ජනතාවට ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ ක්‍‍්‍රියාත්මක කිරීමේදී ඒ ස`දහා අතිරේක අරමුදලක් පැවත්ම ඉතා වැදගත්ය. අරමුදල් සපයාගැනීමෙිදී ප‍්‍රධාන වශයෙන්ම මුලාශ‍්‍ර දෙකක් වැදගත් වේ. ඒ ණය හා ආයෝජනය. නමුත් පසුගිය කාල පරාසය තුළ අප දුටු අත්දැකීමි අනුව මෙි රජය දිගින් දිගටම ප‍්‍රදරශනය කරමින් සිටිනුයේ තමනට ඒ සදහා කිසි`දු හැකියාවක් නොමැති බවය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සමිබන්ධයෙන් මෙි වන විට ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ ඇත්තේ ඉතාමත් අපහැදිලි චිත‍්‍රයකි. ඒ තුළ ජාත්‍යන්තර සහාය මෙි ආණ්ඩුවට ලබා ගත නොහැකි තරමිය. නමුත් ඊට සාපේක්ෂව ජාත්‍යන්තරය තුළ එජාපයට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. නිරතුරුව විදේශ ආයෝජන ණය ආධාර ලැබීමි මෙි රටට හිමිව ඇත්තේ ද ඒවා මෙරටට ගලා ආවෙි ද එජාපය රට පාලනය කරද්දීය. ඒ සමිබන්ධතා තවමත් අපට නොඅඩුව තිබේ. අවශ්‍යතාවක් මතුවුවහොත් අප සතු ඒ ජාත්‍යන්තර සමිබන්ධතා කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ඉදිරියේදී අපට පහසුවෙන් යොදා ගත හැකිය.
එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස හා හිටපු කොළඹ පුරපතිවරයෙකු ලෙස මෙි අවස්ථාවේදී ආදරණීය ඡන්දදායකයන්ගෙන් කාරුණික ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ඒ අනිවාර්යයෙන්ම මෙි මැතිවරණයේදී තමන්ට හිමි සර්ව ජන ඡන්ද අයිතිය භාවිතා කරන ලෙසය. විවිධ හේතූන් මත මේ රටේ සාතිශය බහුතරයක් ජනතාව මැතිවරන හා මුසු වී තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කරන ආකාරයක් පසුගිය කාලයේ දී අපට දැකගන්නට නොලැබුනි. එසේ සාතිශය බහුතරයක් ඡන්ද ක්‍‍්‍රමයෙන් ඉවත්වීම තුළ සිදුවූයේ සු`ථතරයේ මතය අතරින් බහුතරය හිමිකරගත් කණ්ඩායමට පාලන බලය හිමිවීමය. සාමාන්‍යයෙන් මෙම රජය වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශකරන්නන් අනිවාර්යයෙන්ම සන්ධානයට ඡන්දය ප‍්‍රකාශ කරයි. ඒ වෙනුවෙන් ඔවුන් ඡන්දපොළට ඇදී එයි. නමුත් ඡන්ද ප‍්‍රකාශ කිරීමට ඡන්ද පොළට නොපැමිනෙන්නන් ගත්විට ඒ තුළ ඇත්තේ පැහැදිලි ආණ්ඩු විරෝධයක් බව සහතිකය. ආණ්ඩුව කෙරෙහි පැහැදීමක් ඔවුනට ඇත්නමි එසේ නොවී ඔවුන් ඡන්දය ප‍්‍රකාශ කළ යුතුය. නමුත් තමන් සතු ඒ ආණ්ඩු විරෝධය පෙන්වමින් නිවසට වී නිහ`ඩව සිටිනවාට වඩා ඡන්දපොලට විත් එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමට මෙි තීරනාත්මක අවස්ථාවේදී ඡන්දදායකයන් සැවොම බුද්ධිමත්ව කල්පනා කිරීම අතිශයින්ම වැදගත්ය.
පැහැදිලිවම කොළඹ මහ නගරසභා මැතිවරනය යනු තවත් එක් පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් පවත්වන මැතිවරණයක් නොවේ. රටේ වානිජ අගනගරයේ ප‍්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයේ සිදුවන මෙම මැතිවරනය කොළඹ නාගරිකයින්ට පමනක් නොව මු`ථ රටටම එකසේ වැදගත්ය. අනිවාර්යයෙන්ම ජනතාව කොළඹ දී ලබා දෙන පණිවුඩය ප‍්‍රබලය. එය රටෙි දේශපාලනයට තීරණාත්මකය. විශේෂයෙන්ම තමන් මෙි පවතින ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරන බව පැවසීමට ස්වර්ණමය අවස්ථාවක් මේ මොහොතේ කොළඹ ජනතාවට හිමිව තිබේ.
අභූත චෝදනා න`ගමින් යුද ජයග‍්‍රහනයේ නියමුවා ව සිරගත කර තැබීම වෙනුවෙන් වන විරෝධය පළකිරීමට ඔබට මෙය හොද අවස්ථාවක් කරගත හැකිය. අනෙක් අතට දිනෙන් දින ඉහළ යමින් පවතින නාස්තිය දූෂණය වංචාව සහ මේ ආණ්ඩුවේ නොහැකියාව ට එරෙහිව ඇති අකමැත්ත පළකිරීමට මෙය හොද අවස්ථාවක්මය. කුමන අර්ථයෙන් බැලූවත් ජනතාවගේ අයිතිවාසිකමි හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමල රටේ අනාගතය පිළිබ`ද තීන්දුවක් ගැනීමට මෙය හොද අවස්ථාවකි. අති විශාල මුදල් නාස්තියක් සිදුකරමින් සන්ධානය සිදුකරමින් සිටිනිමාධ්‍ය පෙණ බුබුල, හමුවේ වුවද කොළඹ බුද්ධිමත් ජනතාව නිවැරදි තීන්දුවක් ගැනීමට සුදානමින් සිටින බව මෙි මොහොතේ කොළඹ දි අපට ලැබී ඇති සුවිසල් සහයෝගය තුළ පෙනී යයි. අනිවාර්යයෙන්ම කට පුරා ගරු නගරාධිපතිතුමන්ල ගරු නාගරික මන්ත‍්‍රීතුමා යැයි කිව හැකි ශක්තිමත් අපේක්ෂක ලැයිස්තුවක් එජාපය කොළඹට ඉදිරිපත් කර ඇත. පක්ෂයේ ඉහළ නිලධාරීන් සියල්ලගේම ඒකමතික සහයෝගය හා ආශිර්වාදය හිමිවුනු ඒ. ජේ.එම්. මුසම්මිල් මහතා අපේ කොළඹ පුරපති අපේක්ෂකයාය. ඉතිහාසයේ හැමදාමත් එජාපය බරපතල ලෙස විශ්වාස කලේ මේ රට දියුණු කිරීමට නම් ජාතිල කුලමලල ආගමි බේදවලින් තොරව සියළුදෙනාම එකට එකතු වී කටයුතු කළ යුතු බවය. ස්ථිරවම අප ආදරණීය මාතෘභූමිය දියුණු කල හැක්කේ එවැනි පොදු අරමුණකින් වැඩකළහොත් පමණි. ඒ දර්ශනය මත යමින් අප කොළඹට මෙවර පුරපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇත්තේ ඉහත කී පොදු ජාතික ඒකග‍්‍රතාව තහවුරු කළ හැකි පොදු අපේක්ෂකයෙකි. කොළඹ ජනතාව අපේ එම තීරණය ඉහළින්ම අනුමත කරමින් ඔක්තොමිබර් 08 වැනිදා නිහ`ඩ විප්ලවයක් සිදු කරන බව මට ඉ`දුරාම විශ්වාසය.

RSL

Related Posts