කොරියානු භාෂා විභාගයෙන් 145 දෙනෙකු ලකුණු 100 ම ලබයි

Spread the love

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 145 දෙනකු අදාළ ප්‍රශ්න පත්‍රයට ලකුණු 100 ම ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ විභාගයෙන් සමත්වීමේ අවම සීමාවවූ ලකුණු 62ක් ලබා ගනිමින් 9998 දෙනෙකු සමත්වී සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.

නව වැනි වරට පැවැති මෙවර විභාගය ඉතාම සාධාරණ හා විනිවිදභාවයකින් පැවැති බවත් කොරියානු රැකියා සඳහා වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකිකයන් යොමු කිරීම සඳහා මෙය අතිශය වැදගත් බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන් 1403 දෙනෙකු ලකුණු 90 ට වඩා ලබා ගෙන තිබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ අතර මංගල රන්දෙණිය මහතා පෙන්වා දුන්නේ මේ අවස්ථාවේදී ඇතැමුන් වංචනික ලෙස කොරියානු රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කළ හැකි බැවින් එවැන්නකට හසු නොවී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙසය.

RSL

Related Posts