කුසුම් රේණු මධු රජ මෙහෙසිය ලෙසින්

Spread the love

මෙම ලිපිය උපුටා ගන්නා ලද නවලිය පුවත්පතට අපගේ ස්තූතිය

කුසුම් රේණු වේදිකාව පුංචි තිරය මෙන්ම රිදී තිරය ද එකලෙස ජයගත් තැනැත්තියක්‌ ලෙස හඳුන්වාදීම වරදක්‌ නැහැ.

මේ දිනවල රුවන් මාලිගා ටෙලිනාට්‍යයේ මවකගේ චරිතය නිරූපණය කරන ඇය ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ ගැබ්බර මිනිසා වේදිකා නාට්‍යයේ ද අපූර්ව ලෙස රංගනයේ යෙදෙනවා.

කුසුම් රේණු ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ දයාබර බිරිඳයි. කුසුම් රේණු රජ බිසවකගේ චරිතය රඟපාන්න බොහොම ආසාවෙන් කැප වීමෙන් කටයුතු කළා කියලා පසුගිය කාලේඅ ආරංචි වුණා. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ. කුමක්‌ හෝ හේතුවක්‌ නිසා ජයන්තගේ එම චිත්‍රපටය කෙරුණේ නැහැ. ඒත් කුසුම් රේණු නම් රංගන ශිල්පිනියගේ සිහිනය බොඳව ගියේ නැති බවයි පේන්නේ. ඒ ඇයට මධු රජගේ මෙහෙසිය වීමට අවස්‌ථාව ලැබීමෙන්.

මධු රජ ලෙස කුසුම් රේණු සමග රඟපාන්නේ පාලිත සිල්වායි. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුස පබා චිත්‍රපටයේයි.

“මම රජ බිසවකගේ චරිතය රඟපාන්න පසුගිය කාලයේ ආසාවකින් හා කැපවීමකින් කටයුතු කළා. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ. නමුත් ඒක කෙරුණ්‌ නැහැනේ. ඒත් මගේ ආසාව දැන් ඉටුවුණා යෑයි කුසුම් රේණු පවසනවා.

Loading...

RSL

Related Posts