ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිත පිරිස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයින් හමු වී සාකච්ඡා කර තිබේ.නමුත් එම හමුවේදී සාකච්ඡාවට භාජනය වු කරුණු හෙළි කර නොමැති බව අමෙරිකානු තානාපති කාර්යාල ප්‍රකාශකවරයා පැවසීය.
අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් සමග දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ඇතුළු නියෝජිතයන්ද එම සාකච්ඡාවට සහභාගී වු බවයි.
අමෙරිකානු රජය දේශපාලන නියෝජිතයන් සමග පවත්වනු ලබන සාකච්ඡාවල එක් පියවරක් ලෙස එය හැඳින්විය හැකි බව ඔහු සඳහන් කළේය.
ඔහු පැවසුවේ, අදාළ සාකච්ඡාවට ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා සහ ටි. සුමන්දිරම් යන මහත්වරුන් එක්ව සිටි බවයි.
Loading...