කණ්ඩායම් 9කට සංචරණ සීමා ලිහිල් කරයි

Spread the love

සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීමත් සමග පළාත් අතර ගමන් කිරීමට අවසර ලැබෙන කණ්ඩායම්  9ක්  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (19) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම කණ්ඩායම්වලට පළාත් අතර ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ  මහජන සේවා යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අනුව, සෞඛ්‍ය සේවා, පොලිසිය, ත්‍රිවිධ හමුදාව , රාජ්‍ය නිලධාරීන් අත්‍යවශ්‍ය නිල චාරිකාවල නිරත වන්නන්, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින්නන්, උපයෝගීතා සේවාවල නිරතවන්නන්, පවුලේ සමීපතම මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන්  සහ වරාය හා ගුවන් තොටුපොළ  සඳහා ගමන් කරන්නන්  යන කණ්ඩායම්වලට පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාවට හිමි වෙනවා.

පවුලේ සමීපතම පුද්ගලයකුගේ මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන් සහ  වරාය ඔහු ගුවන්තොටුපොළ සඳහා යන පුද්ගලයන්  ඒ සඳහා සාක්ෂි ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව  සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

Related Posts