එල්ටීටීඊ යට මුදල් රැස්කළ 5 දෙනෙකුට නෙදර්ලන්තයේදී පැවරූ නඩුව විභාගයට

Spread the love

එල්ටීටීඊය වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමේ චෝදනාවට ලක්ව සිටින නෙදර්ලන්ත දෙමළ ජාතිකයින් පස්දෙනෙකුට එරෙහිව හේග්හි පිහිටි අධිකරණයක් ඉදිරියේ ගොනු කොට ඇති නඩුව සලකා බලන විනිසුරු මඬුල්ලට තවදුරටත් එම නඩුව විභාග කිරීමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ.
නෙදර්ලන්ත ගුවන් විදුලිය වාර්තා කරන ආකාරයට එම විනිසුරුවන්ට එරෙහිව චූදිතයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වික්ටර් කොප් ඉදිරිපත් කළ විරෝධතාවක් හේග්හි අධිකරණ බේරුම්කාර මණ්ඩලය ප‍්‍රතික්‍ෂේප කොට ඇතැයි සඳහන්.
ත‍්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයින් වීම හා ත‍්‍රස්තවාදී සංවිධානයකට මුදල් එක්රැස් කිරීම හේතුවෙන් චූදිතයින්ට වසර 16ක් බැගින් වන සිරදඬුවම් ලබාදෙන ලෙසට නෙදර්ලන්ත නීති බලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත්, ඔවුන්ගේ නීතිඥයා පවසන්නේ ඔවුන් නිදහස් අරගලයක සාමාජිකයින් බවයි.

RSL

Related Posts