එල්ටීටීඊයේ නියෝජිතයින් පිළිබඳව ශී‍්‍ර ලංකාව තවදුරටත් අවදියෙන් -ආචාර්ය පාලිත කොහොන

Spread the love

ත‍්‍රස්තවාදය මඟින් තම පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට නොහැකි වූ එල්ටීටීඊ හිතවාදීන් දැන් විශාල මුදලක් වැය කොට සිදුකරන ප‍්‍රචාරක ව්‍යාපාරයක් මඟින් එම අරමුණු ඉටු කරගැනීමට උත්සාහ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ශී‍්‍ර ලංකා නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා කියා සිටී.

ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමේදී ශී‍්‍ර ලංකාව සාර්ථකත්වයට ලඟා වුවද, ලොව අනෙක් රටවල් ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් පරිදි කි‍්‍රයා කර නොමැති බවත් එල්ටීටීඊයේ නියෝජිතයින් පිළිබඳව ශී‍්‍ර ලංකාව තවදුරටත් අවදියෙන් සිටින බවද ඔහු පැවසුවේ යැයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

සියළුම ත‍්‍රස්ත කටයුතු අතර ජාත්‍යන්තරව බැඳීම් ඇති බව අවධාරණය කළ ඔහු, ලෝක ප‍්‍රජාව එක්ව ගන්නා කි‍්‍රයාමාර්ග තුළින් පමණක් ඊට එරෙහිව කටයුතු කළහැකි බව කීය.

RSL

Related Posts