එක්‌සත් ජාතික පක්‍ෂයේ හැටපස්‌වැනි (65) සංවත්සර උත්සවය නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී අද (06 සැප්.) පැවැත්වේ.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයේ දිවංගත නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දැක්‌වීමෙන් අනතුරුව සංවත්සර උත්සවය ආරම්භ කිරීමට සැළසුම්කර ඇත. පක්‍ෂය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කළ පැරණි සාමාජිකයන් 8 දෙනකු රන් සම්මානයෙන් පිදුම් ලැබීම ද මෙම සංවත්සරයේ ප්‍රධාන අංගයක් වේ.
නායක රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව නියෝජ්‍ය නායකවරු වන කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, මහලේකම් තිස්‌ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජාතික සංවිධායක රවි කරුණානායක, මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක යන මහත්වරු ප්‍රමුඛ එජාප ක්‍රියාකාරීහු සහ පාක්‌ෂිකයෝ විශාල පිරිසක් මීට සහභාගි වෙති.