එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරය ආරම්භ වේ

Spread the love

ඊයේ (12 සැප්.) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරය හමුවේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ත්‍රස්තවාදීන්ගෙන් අහිංසක ජනතාව මුදාගනිමින් නිමකළ මානුෂිය මෙහෙයුමේ දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ක්‍රියාකළ අන්දම පිළිබඳ ව ඇති දුර්මතවලට එරෙහි ව එහි සැබෑ තොරතුරු කරුණු සහිත ව පෙන්වා දී ඇති බව වාර්තා වේ.

290,000ක් වූ අවතැන් ජනතාව සාර්ථක ව නැවත පදිංචිකරමින් ඔවුන්ගේ ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකාවට කෙටි කාලයක දී හැකි වූ බවත් ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කරමින් ඔවුන් යළි සමාජගත කිරීම ඉටුකරන ආකාරයත් සමරසිංහ මහතා අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති තත්ත්වයන් හමුවේ පක්ෂග්‍රාහී නොවී කටයුතු කරන ලෙස මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධානී නවි පිල්ලේ මහත්මියගෙන් මහින්ද සමරසිංහ මහතා ඉල්ලා සිටි බව ද වාර්තා වේ.

චීනය හා පකිස්ථානය ඇතුළු රටවල් රැසක සහය ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සහය දැක්වීමට මාල දිවයින් ජනාධිපතිතුමා ම සැසිවාරයට එක් ව සිටින බව අමාත්‍යවරයා පැවසීය.

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ පටයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවෙන් නිපදවන ලද ළීස් ඇග්‍රීඩ් Uපොන් වාර්තා වීඩියෝව ඊයේ ජිනීවා වේලාවෙන් පස්වරු 4.30ට මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතව තිබිණි.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහත්වරුන් හා ජිනීවාහි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කුලනායගම් මහත්මිය ද සමුළුවට එක් ව සිටියා ය.

RSL

Related Posts