එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ

Spread the love

එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසිවාරය නිව් යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඇරඹිණ.
රටවල් 193ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මහා මණ්ඩල සැසිවාරය සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහභාගී වීමට නියමිත අතර, මෙම මස 23 දා ජනාධිපතිතුමා මහ සමුළුව ඇමතීමට නියමිත ය.
ගැටුම් විසඳීමට මැදිහත් විය යුතු ආකාරය, වත්මන් ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේ දී එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාපටිපාටිය වෙනස් විය යුතු ආකාරය, ආපදා වැළැක්වීම හා ප‍්‍රතිචාර, තිරසාර සංවර්ධනය හා ගෝලීය සශ‍්‍රීකත්වය, මානුෂවාදී සහය, ස්ත‍්‍රී-පුරුෂ සමානාත්මතාව මෙවර සමුළුවේ සාකච්ඡාවට බඳුන් වීමට නියමිත මාතෘකා අතර වේ.
මෙවර සමුළුවේ සභාපති ලෙස කටාර් රාජ්‍ය නියෝජනය කරන ප‍්‍රවීණ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන නසීර් අබ්දුල්අසිස් අල්-නසර් (Nassir Abdulaziz Al-Nasser)   මහතා කටයුතු කරයි.

RSL

Related Posts