එකම පිළියම ජාතික අර්බුදයට ඉක්මන් විසඳුමක් සෙවීම

Spread the love

දමිළ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් පිරිසක් ඊයේ (10 ඔක්.) ඉන්දීය විදේශ ලේකම් රන්ජන් මාතායි සමග කළ සාකච්ඡාවේදී අවධාරණය කළේ ලාංකික දෙමළ ජාතිකයින් මුහුණපා සිටින ගැටළුවලට එකම පිළියම ජාතික අර්බුදයට ඉක්මන් විසඳුමක් සොයාගැනීම බවයි.

වී ආනන්දසංගරී, ඞී සිද්ධාර්තන් හා ටී ශී‍්‍රදරන් යන දෙමළ පක්‍ෂ නියෝජිතයින් කොළඹ පිහිටි ‘ඉන්ඩියා හවුස්’ හිදී මාතායි මහතා හමුවිය.

අදාළ හමුවෙන් පසුව එම දෙමළ පක්‍ෂ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෙමළ ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටළු සම්බන්ධයෙන් තමන් ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුවත් කළ බවත් හමුදාකරණය, වෙනත් ජනවාර්ගයන් පදිංචි කිරීම, ඉඩම් අත්පත් කරගැනීම, ඉඩම් අළුතින් ලියාපදිංචිය හා පරිපාලන ඒකක යළිත් බෙදා වෙන් කිරීම වැනි පියවර මඟින් ආණ්ඩුවේ න්‍යායපත‍්‍රයක් කි‍්‍රයාත්මක කිරීමට යෑම නිසා උතුරු හා නැගෙනහිර ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටින බව දෙමළ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් ඔහුට කියා සිටි බවත්ය.

යටත්විජිත සමයේ හෝ නොපැවති මර්දනයකට ලක්ව සිටින දෙමළ ජනතාව කිසිදු අයුරකින් හෝ ඊට විරෝධතාවක් දැක්වීමට ඉදිරිපත් නොවන බව දෙමළ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් වැඩිදුරටත් ඉන්දීය විදේශ ලේකම්වරයාට කියා සිටියේ වහාම ඉන්දියාවේ මැදිහත්වීමක් අවශ්‍ය බවට අවධාරණය කරමිනි.

RSL

Related Posts