උපකුලපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව ජ‘පුර සිසුහු උද්ඝෝෂණයක

Spread the love

විශ්ව විද්‍යාල සිසුන් අද දහවලේදී ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අසලින් මෙම විරෝධතා පාගමන ඇරඹුණේ එම සරසවියේ උපකුලපතිවරයා ගෙනයන අත්තනෝමතික පාලනය හේතුවෙන් කරගෙන යන සිසු මර්ධනයට එරෙහිවත්, උපකුලපතිවරයා ඉවත් කරන ලෙසත් බලකරමිනි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණය හේතුවෙන් වෝඩ් පෙදෙස වසා දමා ඇති බව වාර්තාවේ.

ශ්‍රී ජයවර්ධනපුර සරසරවියේ සිට ඇරඹුනු මෙම දැවැන්ත විරෝධතා පාගමනට විශාල සිසුන් පිරිසක් එක්ව සිටි අතර හයිලෙවල් පාර ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණි ඔවුන් මේ වන විට බිම වාඩිවී උද්ඝෝෂණයේ නිරතව සිටී.

RSL

Related Posts