ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රදේශයේ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම ඉන්දියාව දැඩි ලෙස හෙලා දැක ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම අමානුෂික ප්‍රහාරය ඉරාකයේ ස්වෛරීභාවය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් ලෙසය.

පසුගිය සතියේ ඉරාකයේ සඛෝ දිස්ත්‍රික්කයේ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 23 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. උතුරු කුර්දිස්ථානයේ වාණිජ මධ්‍යස්ථානයක් වන සඛෝ යනු සංචාරකයන් අතර ද බෙහෙවින් ප්‍රචලිත සංචාරක මධ්‍යස්ථානයකි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළේ “ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රදේශයේ දෝහුක් ආණ්ඩුකාර ප්‍රදේශයේ සකෝ දිස්ත්‍රික්කයේ මෑත කාලීන ඝාතන ඉන්දියාව තරයේ හෙළා දකින බවයි. එමෙන්ම එය රටේ ස්වෛරීභාවය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය නොතකා හැරීමක් වශයෙන් සලකනු ලබන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාව මෙම දරුණු ප්‍රහාරයෙන් තම ආදරණීයයන් අහිමි වූ පවුල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය. එම ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඔහු විසින් සිය ශෝකය පළ කරන පණිවිඩ නවදිල්ලියේ ඉරාක තානාපති කාර්යාලයේ සටහන් කොට ඇත. එමෙන්ම බැග්ඩෑඩ්හි ඉරාක රජය වෙත ද සිය ශෝකය ප්‍රකාශ කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්