ඉස්බාර් හි 7 වන අදියරට ඉන්දීය නාවික හමුදාව සහභාගී විය.ඉන්දියානු, බ්‍රසීල සහ දකුණු අප්‍රිකා නාවික හමුදා අතර ඒකාබද්ධ බහුජාතික සමුද්‍ර අභ්‍යාසයක් වන ඉස්බාර් ලෙස හදුන්වනු ලබයි.

මෙම අභ්‍යාසය ඔක්තෝබර් 10 සිට 12 දක්වා දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් හිදී පැවැත්විණි. ඉන්දීය නාවික හමුදාව ඒ සඳහා මෙහෙයවන ලද මිසයිල නෞකාවක් වන අයි.එන්.එස් ටර්කාෂ්, චේතක් හෙලිකොප්ටරයක් සහ මාකෝස් විශේෂ බලකායන් විසින් නියෝජනය කරන ලදී.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ ඒකාබද්ධ මෙහෙයුම් හමුදා පුහුණුව ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය සබඳතා ශක්තිමත් කිරීම,සමුද්‍රීය අපරාධවලට එරෙහිව සටන් කිරීම,මුහුදු සන්නිවේදන මාර්ග සුරක්ෂිත කිරීම සහ මුහුදේ පොදු පරිණාමයන් සඳහා අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණු වූ බවයි.

වරාය සහ මුහුදු අදියර යන දෙකම සහිතව ඉස්බාර් VII අභ්‍යාසය දින තුනක් පුරා පවත්වන ලදී.

ඉබස්මාර්හි VII වන වරාය අදියරේදී, හානි පාලනය සහ ගිනි නිවීමේ අභ්‍යාස,ඒකාබද්ධ කිමිදුම් මෙහෙයුම්, පැමිණීම ගොඩවීම සෙවීම සහ අල්ලා ගැනීම පිළිබද නාවූක දේශන, සහ විශේෂ බලකායන් අතර සම්බන්ධතා වැනි වෘත්තීය හුවමාරු සිදු කරනු ලැබේ.ඔක්තෝබර් 11-12 දිනවල වරාය අදියර පැවැත්විණ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ ඔක්තෝබර් 12 දින පැවති අභ්‍යාසයේදී පුළුල් පරාසයක සමුද්‍රීය මෙහෙයුම් ආවරණය කළ බවයි. මෙම අභ්‍යාසයේ සමාප්ති උත්සවය පෝට් එලිසබෙත් ඔබ්බෙන් අයි.එන්.එස් ටර්කාෂ් නෞකාවේ සිදු කරන ලදී

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්