ඉන්ධන පෝලිම් ගැටුමකින් එක් අයෙක් මරුට

Spread the love

මාගල්ල ගාල්ල ලාෆ්ස් පිරවුම්හලේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි. මියගොස් ඇත්තේ හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකි.

පුද්ගලයෙකු හිස් ඉඩමක් හරහා තම වාහනය ඉන්ධන පෝලිමට ඇතුළු කිරීමට උත්සාහ කර ඇති අතර මේ හේතුවෙන් මෙම ගැටුම උද්ගත වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත් ඉන්ධන පෝලිමේ සිටි පිරිසක් ඊට විරෝධය පළ කර ඇති අතර එහිදී ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමෙන් මෙම අපරාධ‍ය සිදුව ඇති බවට වාර්තා වෙයි.

RSL

Related Posts