ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා හි ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර සුන්බුන්වලට සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් සිදුවූ භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූයේ ජකර්තා අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 75ක් පමණ දුරින් පිහිටි බටහිර ජාවා කඳුකරයේ සියන්ජුර් නගරය ආසන්නයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.