ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් විසින් ඊජිප්තු ජාතික දිනය වෙනුවෙන් ඊජිප්තු විදේශ අමාත්‍ය සමේ ෂෞක්රි හට සුබ පැතීය.මෙහිදී දෙරටේ “දිගුකාලීන හවුල්කාරිත්වය” පිළිබඳ ඔහු විශ්වාසය පළ කළේය.‌

මේ සම්බන්ධව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් සටහනක් තැබීය. එමෙන්ම දෙරටේ දිගුකාලීන හවුල්කාරිත්වය අඛණ්ඩව වර්ධනය වේ යැයි එහි සටහනිව තිබිණ.

ඊජිප්තුවට සහ ඉන්දියාවට ද්විපාර්ශ්වික කලාපීය දේශපාලනික සහ ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් වසර ගණනාවක සහයෝගීතාවය මත පදනම් වූ සමීප සබඳතාවයක් ඇත. ලෝකයේ ආදිතම ශිෂ්ටාචාර දෙකක් වන හරප්පා සහ නයිල් නිම්න ශිෂ්ටාචාරය පිළිවෙලින් ඉන්දියාව සහ ඊජිප්තුව පදනම් කරගෙන බිහිවිය.

රටවල් දෙකම නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයන් වන අතර දෙරටම නොබැදි ජාතීන්ගේ සමුළුව සඳහා සදහා සත්කාරකත්වය දරා ඇත. 1947 අගෝස්තු 18 වන දින දෙරට එක්ව තානාපති මට්ටමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළහ. ජාතීන් දෙකම ජාත්‍යන්තර සංසදවලදී සමීපව කටයුතු කරයි.

ඊජිප්තුව ඓතිහාසික වශයෙන් ගත්කළ අප්‍රිකානු මහාද්වීපයේ ඉන්දියාවේ වඩාත්ම වැදගත් වාණිජ හවුල්කරුවෙකි. ඛනිජ තෙල්, පෙට්‍රෝලියම්, පොහොර, අකාබනික රසායන ද්‍රව්‍ය සහ කපු 2021-2022 කාලය තුළ ඉන්දියාවට ඊජිප්තුවෙන් ආනයනය කරන ලදී. එමෙන්ම මී හරක් මස්, යකඩ සහ වානේ, සැහැල්ලු වාහන සහ කපු නූල් ඉන්දියාවේ සිට ඊජිප්තුවට අපනයනය කරයි.

2015 වසරේ සිට, දෙරටේ ආරක්ෂක නියෝජිතයන් අතර ඉහළ මට්ටමේ සංචාරයන් සහ අන්තර්ක්‍රියා ගණනාවක් සිදු කර ඇත.ඉන්දියාව සහ ඊජිප්තුව ද එකිනෙකා සමඟ ශක්තිමත් ආරක්ෂක සබඳතා පවත්වයි. දෙරටේ ආරක්ෂක හමුදා ද සහයෝගීතාවය වෙනුවෙන් දෙරටේ ගුවන් හමුදා කාන්තාර රණශූර යුද අභ්‍යාසය එමෙන් මධ්‍යධරණි මුහුද ආශ්‍රිත නාවික ක්‍රියාකාරකම් වැනි පුළුල් පරාසයක දිවෙන ආරක්ෂක සහයෝගීතාවයක් පවත්වාගෙන යයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්