ඉන්දීය පාර්ලිමේන්තුවේ මෝසම් සැසිවාරය ඵලදායී සැසිවාරයක් බවට පත් කරන්නා ලෙස ඉන්දීය අගමැති මෝදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවසයි.

Spread the love

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය ඵලදායි පුළුල් සැසිවාරයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති මෝදි කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ විවෘත මනසකින් සංවාදයක් පැවැත්විය යුතු බවත්, අවශ්‍ය නම් විවාද වුවද පැවැත්විය යුතු බවත්ය. මෙම සැසිවාරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ගැඹුරින් කල්පනා කර ගැටලු සාකච්ඡා කරන ලෙස ඔහු සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දීය ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පළමු දිනට පැවැත්වීමට නියමිතය.

ඉන්දීය ජනාධිපති සහ උප සභාපති ධුර සඳහා මැතිවරණ පැවැත්වෙන බැවින් මෙම සැසිවාරය ඉතා වැදගත් වේ. මෙම තනතුරු සඳහා ඡන්ද විමසීම අද දින සිදු කෙරේ. අභිනවයෙන් පත්වන ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා ඉන්දීය ජාතියට මග පෙන්වනු ඇතැයි ඉන්දීය අගමැති මෝදි පැවසීය.

මෙම කාල පරිච්ඡේදය ඉතා වැදගත් වන බව ඉන්දීය අගමැති මෝදි පැවසුවේය. විශේෂයෙන්ම අගෝස්තු 15 ඉන්දියාවේ නිදහස් උත්සව සමය ආරම්භ වේ . එළැඹෙන වසර 25 සඳහා විශේෂ වැදගත්කමක් ඇති බව ඔහු පැවසීය. ජාතිය නිදහසේ වසර 100 සමරන විට ඉන්දියාවේ නව ගමන් මග තීරණය කිරීමට ජනතාවට හැකි වනු ඇති බව ඔහු පැවසීය.

ඉන්දීය පාර්ලිමේතුවේ ප්‍රධාන සැසිවාර 3කි න් සමන්විත වේ.එනම් අයවැය සැසිය,ජනවාරි සිට මැයි දක්වා, මෝසම් සැසිය,ජුලි සිට සැප්තැම්බර් දක්වා සහ ශීත සැසිය,මෙය නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා පැවැත්වේ.

සඳුදා ආරම්භ වන ඉන්දීය පාර්ලිමේන්තුවේ මෝසම් සැසිවාරය රජයේ කටයුතුවල අවශ්‍යතාවලට අනුව අගෝස්තු 12 වැනිදා අවසන් වේ.

මෝසම් සැසියේදී මුළු පනත් කෙටුම්පත් 32කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.මෙය සැසිවාර දින 26 ක කාලයක් පුරා පැතිරුණු මුළු රැස්වීම් 18 ක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts