නොවැම්බර් 11 සිට 13 දක්වා කාම්බෝජයේ පැවැත්වෙන ආසියන්-ඉන්දියා අනුස්මරණ සමුළුවට සහ 17 වන නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගී වීමට ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කාර් කාම්බෝජයට සංචාරය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඉන්දීය උප ජනාධිපතිවරයා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි. ආසියන්හි වත්මන් සභාපති ලෙස කාම්බෝජය මෙම සමුළු සඳහා සත්කාරකත්වය දරයි.

මෙම වසර ආසියන්-ඉන්දියා සබඳතාවල 30 වැනි සංවත්සරය සනිටුහන් කරන අතර ආසියන්-ඉන්දියා මිත්‍රත්ව වර්ෂය ලෙස සමරනු ලැබේ.ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ට අනුව, උප ජනාධිපති ධන්කාර් නොවැම්බර් 12 වන දින නොම් පෙන්හි පැවැත්වෙන ආසියන්-ඉන්දියා අනුස්මරණ සමුළුවට සහභාගී වනු ඇත.

ඔහු ආසියාන් සාමාජික රටවල් 10 වන බෲනායි දරුස්සලාම්, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕ පීඩීආර්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පූරුව, තායිලන්තය, පිලිපීනය සහ වියට්නාමය සහ එහි සංවාද හවුල්කරුවන් 8 වන ඉන්දියාව, චීනය, ජපානය, කොරියානු ජනරජය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් ජනපදය සහ රුසියාව යන රටවල් ද 17 වන නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගී වනු ඇත.

ඉන්දීය උප ජනාධිපති දන්කාර් ඔහුගේ සංචාරය අතරතුර, කාම්බෝජ නායකත්වය සමඟ ද්විපාර්ශ්වික කටයුතුවලට ද සහභාගී වනු ඇත. සමුළුවේදී ඔහු වෙනත් රටවල නායකයින් සමඟ ද ද්විපාර්ශ්වික රැස්වීම් පවත්වනු ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූවේ ඉන්දීය උප ජනාධිපතිවරයා නොම් පෙන් සිට ආපසු පැමිණෙන අතරතුර, ඔහු සියම් රීප් වෙත ගොස් කාම්බෝජ උරුමයන් හි ඉන්දියාව විසින් සිදු කරනු ලබන සංරක්ෂණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සමාලෝචනය කිරීමට ද නියමිත බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්