ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක සභාව ඉන්දියාව ඉහළ ආදායම් මට්ටමට ගෙන ඒමට මාර්ග සිතියමක් නිකුත් කරයි.

Spread the love

‍ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආර්ථික උපදේශක සභාව විසින් ඉන්දියාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීම සඳහා තරගකාරී මාර්ග සිතියම නිකුත් කිරීමට සූදානම් වේ. වර්ෂ 2047දී ඉන්දියාව සිය නිදහසේ සිය වන සංවත්සරය සමරයි.

සමාජ ප්‍රගතිය සහ සමෘද්ධිය තුළ අන්තර්ගත තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ දිශානතියට ඉන්දියාවේ ආර්ථිකය තවදුරටත් මෙහෙයවීම සඳහා ප්‍රතිපත්ති ඉලක්ක, මූලධර්ම සහ ප්‍රවේශයන් අගමැතිවරයාගේ ආර්ථික උපදේශක සභාවේ මාර්ග සිතියම මගින් යෝජනා කරයි.

අගමැතිගේ ආර්ථික උපදේශක සභාවට, ආචාර්ය අමිත් කපූර්ගේ නායකත්වයෙන් යුත් තරඟකාරිත්වය පිළිබඳ ආයතනය සහ හාවඩ් ව්‍යාපාරික පාසලේ මහාචාර්ය මයිකල් ඊ පෝටර් සහ ආචාර්ය ක්‍රිස්ටියන් කෙටෙල්ස් අතර සහයෝගීතාවයකි. තරගකාරී මාර්ග සිතියම මහාචාර්ය පෝටර් විසින් සකස් කරන ලද රාමුව මත පදනම් වේ.

ඉන්දියාවේ නිදහස් සියවන සංවත්සරය සඳහා වන මාර්ග සිතියම අගෝස්තු මස 30 දින නිකුත් කිරීමට නියමිතය.

ඉන්දියාව ඉදිරි වසර 25 ඇතුළත සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව 76 වැනි නිදහස් දිනයේදී නවදිල්ලි නුවර රතු බලකොටුවේ සිට ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ තරගකාරී වෙළෙඳපොළ සාධක පිළිබඳ ප්‍රමුඛතා මුල පිරීම්වල ඒකාබද්ධ න්‍යාය පත්‍රයක් නිදහසේ සිය වන වසර සඳහා වන තරගකාරීත්ව මාර්ග සිතීයමට ඇතුළත් වේ.

ආර්ථික උපදේශක සභාව බ්‍රහස්පතින්දා නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයක දැක්වනුයේ මෑත වසරවලදී රජය විසින් ක්‍රියාත්මක කර ඇති බොහෝ ප්‍රතිසංස්කරණ මත පදනම්ව ප්‍රමුඛත්වය දිය යුතු ක්‍රියාමාර්ග සහ සංවිධානය විය යුතු ආකාරය මාර්ග සිතීයම මගින් ආවරණය වන බවයි.

එම මාර්ග සිතියම වැඩිදුරටත් පවසනුයේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය ප්‍රශස්ත ආකාරයෙන් ඉදිරියට ගෙන යාමට සමාජ ආර්ථික ප්‍රතිපත්ති මුල්ගලක් ලෙස පවත්වා ගතයුතු බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts