ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් බ්‍රසීලයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට සුබ පැතුම් එක් කළේය.

දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම ගෝලීය වශයෙන් දෙරටේ සහයෝගීතාව සඳහා සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් සටහනක් තබමින් පැවසීය.

ඉරිදා පැවති මැතිවරණයයේදී වත්මන් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ වාමාංශික අපේක්ෂක ලූලා ද සිල්වා අතර තියුණු ඡන්ද සටනක් පැවතියේය.මැතිවරණයෙන් පැහැදිලි ඡන්ද ප්‍රතිශතයක් තහවුරු කිරීමෙන් පසු ලූලා ද සිල්වා බ්‍රසීලයේ නව නායකයා ලෙස තේරී පත් විය. ඔහු බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ජනවාරි 1 වැනිදා දිවුරුම් දීමට නියමිතය.

ඉරිදා පැවති උණුසුම් තරඟකාරී දෙවන මැතිවරණයේදී ලූලා 50.83% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර බොල්සොනාරෝට 49.17% ක් පමණක් ලබා ගත හැකිවිය. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පුද්ගලයින් මිලියන 156කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටියහ.

දශක තුනකට වැඩි කාලයක් තුළ ජාතියේ ආසන්නතම මැතිවරණය මෙය විය. එකතු කරන ලද ඡන්ද පත්‍රිකාවලින් 99.5%ක් සමඟින්, ඡන්ද මිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් තරඟකරුවන් දෙදෙනා වෙන් කළේය.

බොල්සොනාරෝ ගතානුගතික සමාජ පරමාදර්ශවල ආධාරකරුවෙකු විය.2018 මැතිවරණයෙන් දූෂණ වංචාවක් හේතුවෙන් සිරගත කිරීමෙන් පස පසෙකට වී සිටි 77 හැවිරිදි ඩා සිල්වාට බලයට පත් වීම විමතිය දනවන සුළුය.

ලූලා ද සිල්වා දූෂණ චෝදනා රැසක් හේතුවෙන් දින 580ක් සිරගතව සිටියේය. බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය එම වරද නිෂ්ප්‍රභ කළේ ඔහුට නැවත නිලවරණයට ඉදිරිපත් වීමට මග පාදමිනි.

ඔහුගේ ජයග්‍රහණය බ්‍රසීලයේ වාමාංශික බලයට නැවත පැමිණීම සනිටුහන් කරන අතර ලූලා ද සිල්වාට ජයග්‍රාහී පුද්ගලික පුනරාගමනයක් ලබා දෙයි.

මීට පෙර ලූලා ද සිල්වා 2003 සහ 2010 අතර වාර දෙකක් අඛණ්ඩව බ්‍රසීලය පාලනය හෙඹවීය. මෙම ජයගුහනය ඔහුට බ්‍රසීල ජනාධීපති ලෙස තෙවන ධූර කාලය තුල සිය රාජකාරී ඉටු කිරීමට අවස්ථාව සලසයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්