ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත 13 වන වෛද්‍ය සැපයූම් තොගය ඇෆ්ගනිස්ථානයට ලබා දුන් බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද හදිසි ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇෆ්ගනිස්ථානයේ ජනතාවට සහාය වීමක් වශයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ ජනතාව සමඟ ඉන්දියාවේ විශේෂ සබඳතාව සැලකිල්ලට ගනිමින් මෙම වෛද්‍ය සැපයුම් ප්‍රමාණය ලබා දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ශල්‍ය වෛද්‍ය අයිතමවලට ළමා වෙදනලා, ළමා බීපී කෆ් සහිත ස්පයිග් මෝමානෝමීටර ජංගම වර්ගය, බිංදු කුටි කට්ටලය, විද්‍යුත් කැටරි, නයිලෝන් මැහුම් ආදිය ඇතුළත් විය.

මේවා කාබුල් ඉන්දිරා ගාන්ධි ළමා රෝහලේ බලධාරීන්ට භාර දෙන ලදී.

මේ වන විට ඉන්දියාව විසින් ඇෆ්ගනිස්ථානයට වෛද්‍ය ආධාර ටොන් 45කට ආසන්න ප්‍රමාණයක් සපයා ඇත. එයට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ, ක්ෂය රෝග මර්දන ඖෂධ, කොවිඩ් එන්නත් මාත්‍රා 500,000ක් සහ ශල්‍ය වෛද්‍ය ද්‍රව්‍ය ඇතුළත් වේ. මීට අමතරව ඇෆ්ගන් ජනතාව සඳහා තිරිඟු මෙට්‍රික් ටොන් 40,000ක් ද ලබා දෙමින් පළමු ප්‍රතිචාර දක්වනා ලෙස ඉන්දියාවේ කැපවීම විදහා දක්වා ඇත.

ඉන්දියාව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් රජය එරට පාලනයට නතු කර ගැනීමෙන් පසුව ඉන්දියාව තලේබාන් පාලනය නිල වශයෙන් පිළි නොගත් අතර ඉන්දීය නිලධාරීන් කාබුල්හි තානාපති කාර්යාලයෙන් ඉවත් විය.

එනමුත් කාබුල්හි ඉන්දීය තානාපති කාර්යාලයට “තාක්ෂණික කණ්ඩායමක්” මේ වසරේ ජුනි මාසයේදී ඉන්දියාව විසින් යවා ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ ඇෆ්ගන් ජනතාව සමඟ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහ මානුෂීය ආධාර ඵලදායී ලෙස සැපයීම සඳහා එම කටයුතු සමීපව අධීක්ෂණය හා කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා එම තාක්ෂණික කණ්ඩායම ස්ථානගත කළ බවයි.

ඇෆ්ගනිස්ථානයේ වර්ධනය වෙමින් පවතින මානුෂීය අර්බුදය විසඳීම සඳහා ඉන්දියාවට අසීමිත ආධාර ලබා දීම වෙනුවෙන් පෙනී සිටීන බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්