ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන ලද සිව්වන ඉන්දියා-ජපාන සයිබර් සංවාදය බ්‍රහස්පතින්දා පැවැත්විණ. ඉන්දියාව සහ ජපානය 5G තාක්‍ෂණය සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ සහයෝගීතාව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළහ.

මෙම සංවාදය තුලදී සයිබර් සහයෝගීතාවයේ වැදගත් ක්ෂේත්‍ර,5G තාක්ෂණය ඇතුළු සයිබර් ආරක්ෂණ සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රවල දෙරට ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් බහුපාර්ශ්වික සහ කලාපීය සංසදවල සයිබර් උපදේශනය, නවතම වර්ධනයන් සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් බවයි.

මීළඟ ඉන්දියා-ජපාන සයිබර් සංවාදය 2023 දී පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ විය.

ඉන්දීය දූත පිරිස මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සයිබර් රාජ්‍ය තාන්ත්‍රික අංශයේ සම ලේකම් මුවන්පුයි සයියාවි විසින් වන අතර ජපාන නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සයිබර් ප්‍රතිපත්ති භාර තානාපති යුතාකා අරීමා(Yutaka Arima) විසිනි.

ඉන්දියානු නියෝජිත පිරිසට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ,ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය , ඉන්දීය ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් කාර්යාලය ,ඉන්දීය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය , ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විය. මීට අමතරව ඉන්දියානු පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම සහ ඉන්දීය ජාතික විවේචනාත්මක තොරතුරු යටිතල පහසුකම් ආරක්ෂණ මධ්‍යස්ථානය මිට සහය දැක්වීය.

ජපන් දූත පිරිසට ජපාන සයිබර් ආරක්‍ෂාව සඳහා වූ සිද්ධි සූදානම සහ උපාය මාර්ග පිළිබඳ ජාතික මධ්‍යස්ථානය, ජපාන අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය,ජපාන ආරක්‍ෂක අමාත්‍යාංශය,ජපාන ආර්ථිකය, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් විය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්