ඉතියෝපියාවේ අඩිස් අබාබාහිදී ඉන්දියාව සහ ඉතියෝපියාව අතර 4 වැනි විදේශ කාර්යාල උපදේශන වටය පැවැත්විණ.මෙහිදී ඉන්දියාව සහ ඉතියෝපියාව ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරන ලදී.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදේශන අතරතුර දූත මණ්ඩල දෙකම ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරන ලද බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම උපදේශන වටයේදී වෙළඳ සහ ආර්ථික කරුණු, සංස්කෘතික සහ කොන්සියුලර් කටයුතු,සංවර්ධන හවුල් ව්‍යාපෘති,උසස් අධ්‍යාපනයේ සහයෝගීතාව, අන්තර් පුද්ගල සබඳතා, දේශපාලන කටයුතු ඇතුළු විවිධ මාතෘකා ගැන සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡා වල සුවිශේෂත්වය වූයේ ආරක්‍ෂක, විද්‍යා හා තාක්‍ෂණ, අධ්‍යාපන, කෘෂිකර්ම සහ ඒ ආශ්‍රිත අංශ සහ සිවිල් ගුවන් සේවා වැනි ක්ෂේත්‍රවල දෙරටේ ශ්‍රම බලකායේ නියැලීම පුළුල් කිරීමට ද එකඟ විමය.

අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව ද අදහස් හුවමාරු විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසූයේ ඒකාබද්ධ ආයතනික යාන්ත්‍රණවල නිරන්තර රැස්වීම් සහ ඉහළ මට්ටමේ දේශපාලන හුවමාරු දිගටම කරගෙන යාමට දෙපාර්ශවයම එකඟ වූ බවයි. මෙමගින් දෙරට අතර සබඳතා ශක්තිමත්ව සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ලෙස පවත්වා ගැනීම හැකිවන බව ඔවුන් පැවසීය.

ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා මීළඟ අමාත්‍ය මට්ටමේ ඒකාබද්ධ කොමිෂන් සභාව විටින් විට පැවැත්වීමටත් දෙපාර්ශවය එකඟ විය.ඒකාබද්ධ විද්‍යා හා තාක්ෂණ කමිටුව, ඒකාබද්ධ වෙළඳ කමිටුව වැනි ආයතනික ආයතනවල රැස්වීම් හැකි ඉක්මනින් කැඳවීමටත් ඔවුන් තීරණය කළේය.

මෙම උපදේශන වටය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර සම ලේකම් පුනීත් ආර් කුන්දල් ඉන්දීය පාර්ශවය වෙනුවෙන් සම මුලසුන දැරුවේය. එමෙන්ම ඉතියෝපියානු පාර්ශවය වෙනුවෙන් ඉතියෝපියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැද පෙරදිග, ආසියා සහ පැසිෆික් ජාතීන්ගේ කටයුතු සඳහා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගෙබෙය්හු ගංගා ගයිතො ඉතියෝපියානු දූත පිරිසට නායකත්වය සැපයීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව මීළඟ උපදේශන වටය අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි දිනයකදී නව දිල්ලියේ පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්