පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂක ජග්දීප් ධන්කාර් ඉන්දියාවේ 14 වැනි උප ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී තිබේ. විපක්ෂ අපේක්ෂක මාග්‍රට් අල්වාගේ ඡන්ද 182ක් හිමි විය.

ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාවේ තේරීම් භාර නිලධාරියාගෙන් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයක් ලැබීමෙන් පසු ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජිව් කුමාර් සහ මැතිවරණ කොමසාරිස් අනුප් චන්ද්‍ර පාණ්ඩේ එක්ව ඉරිදා නිල ‘මැතිවරණ සහතිකයට’ අත්සන් තැබුවේය. ඉන්දීය උප ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සෙනසුරාදා සිදු කෙරිණ.

රාජ්‍ය සභාවේ තේරී පත් වූ සහ නම් කරන ලද මන්ත්‍රීවරුන් සහ ලෝක් සභාවේ තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ඡන්දදායකයින් 780 දෙනාගෙන් 725 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. ඉන් ඡන්ද පහළොවක් වලංගු නොවන බවට පසුව සොයා ගන්නා ලදී.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ උප ජනාධිපති අපේක්ෂකයා ලෙස ධන්කාර් තෝරා ගැනීමට පෙර ඔහු බටහිර බෙංගාලයේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය. වත්මන් උප ජනාධිපති එම් වෙන්කයියා නායිදුගේ ධුර කාලය අගෝස්තු 10 වැනිදා අවසන් වේ.

2002 අගෝස්තු සිට 2007 ජූලි දක්වා ඉන්දියාවේ උප ජනාධිපතිවරයා ලෙස සේවය කළ භාහිරොන් සිං ෂෙකාවත්ට පසුව රාජස්ථාන් ප්‍රාන්තයෙන් මෙම තනතුරට තේරී පත් වූ දෙවැනි නායකයා ජග්දීප් ධන්කර් ය.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදි ධන්කර්ගේ තේරී පත්වීමට සුබ පැතූහ.

ඵලදායී සහ සාර්ථක ධූර කාලයක් සඳහා සිය සුභ පැතුම්” යනුවෙන් ඉන්දීය ජනාධිපති මුර්මු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මීට අමතරව ඉන්දීය අගමැති මෝදි ඉන්දියාවේ උප ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ශ්‍රී ජග්දීප් ධන්කාර් හට සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

ඉන්දියාව නිදහසේ අමෘතය උත්සවය සමරන මොහොතක, විශිෂ්ට නීති දැනුමක් සහ බුද්ධිමය හැකියාවක් ඇති කිසාන් පුත්‍ර උප සභාපතිවරයකු සිටීම ගැන අපි ආඩම්බර වෙමු,යැයි අගමැති මෝදී තවත් ට්විටර් පණිවුඩයකින් පැවසීය.

විපක්ෂයේ උප ජනාධිපති අපේක්ෂක අල්වා සහ කොංග්‍රසයේ අතුරු සභාපති සෝනියා ගාන්ධි ද ධනකර්ගේ ජයග්‍රහණයට සුබ පැතූහ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්