ජී 20 සභාපතිත්වය දරන කාලය තුළ ඉන්දියාව පුරා පැවැත්වීමට නියමිත 200 වැඩි රැස්වීම් තුලින් එහි සංස්කෘතියට අමතරව රටේ සංවර්ධනය සහ විද්‍යාත්මක ජයග්‍රහණ ඉස්මතු කරනු ඇත.

මෙම රැස්වීම් මගින් “ඉන්දියාවේ දියුණුව, විද්‍යාත්මක ජයග්‍රහණ, සංස්කෘතිය, ආහාර පිසීම, සංචාරක ව්‍යාපාරයේ හොඳම දේ ජී-20 ජාතීන්, ජාත්‍යන්තර සංවිධාන සහ ආරාධිත රටවල සියලුම නියෝජිතයින්ට ඉදිරිපත් කරනු ඇතැයි ඉන්දියාවේ ජී-20 ප්‍රධාන සම්බන්ධීකාරක සහ හිටපු විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා පවසයි.

ඉන්දියාව 2022 දෙසැම්බර් 1 වන දින ජී-20 සභාපති ධුරය භාරගත් දා සිට, දැනටමත් විවිධ ඉන්දියානු නගරවල රැස්වීම් පහක් පවත්වා ඇති අතර, ඉදිරි දිනවලදී තවත් ජී-20 රැස්වීම් 200 කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටින බව ජී-20 විසින් පළ කරන ලද වීඩියෝවක ශ්‍රින්ග්ලා පැවසීය.

මෙතෙක් පැවති රැස්වීම් සඳහා සත්කාරකත්වය සපයනු ලැබුවේ උදයිපූර්, බෙංගලෝර් සහ මුම්බායි වැනි නගර ය.

ඉදිරි මාස දෙක තුළදී, ඉන්දියාව පූනේ, තිරුවනන්තම්පුරම්, ගාන්ධිනගර් සහ කොල්කටා ඇතුළු නගර ගණනාවක රැස්වීම් සැලසුම් කර ඇති බව ඉන්දියාවේ ජී-20 ප්‍රධාන සම්බන්ධීකාරක පැවසීය.

2022 දෙසැම්බර් 7 වන දින නවදිල්ලියේ පැවති පාර්ලිමේන්තු ශීත ඍතු සැසිවාරය ආසන්නයේ දී අදහස් දක්වමින් අගමැති මෝදි අවධාරණය කර ඇත්තේ “මෙය ලෝකයට ඉන්දියාව දැන ගැනීමටත් ඉන්දියාවට මුළු ලෝකයටම තම හැකියාවන් පෙන්වීමටත් විශාල අවස්ථාවක්” බවයි.

2022 දෙසැම්බර් 5 වන දින සිට රාජස්ථාන් ප්‍රාන්තයේ උදයිපූර් හි සාකච්ඡා පවත්වන රාජ්‍ය නායකයින්ගේ සහ රජයේ ප්‍රධානීන්ගේ පුද්ගලික නියෝජිතයන් වන ජී-20 ෂර්පාවරුන් සහ ජාත්‍යන්තර සංවිධානවල ඉහළ නිලධාරීන් සමඟ ඉන්දියාවේ සභාපති ධුරය ආරම්භ විය.

ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව ඇතුළු ප්‍රධාන ගෝලීය අභියෝග සඳහා සාමූහික විසඳුම් සෙවීම සඳහා ඉන්දීය පාර්ශ්වය මෙහෙයවන සාකච්ඡා සමඟින්, ඉන්දියාවේ ජී-20 සභාපති ධුරය සඳහා න්‍යාය පත්‍රය හැඩගැස්වීම මෙම සාකච්ඡාවල අරමුණ විය.ඉන්දියාව 2022 දෙසැම්බර් 13-16 දක්වා මුම්බායි හි ජී-20 සභාපතිත්වය යටතේ ප්‍රථම සංවර්ධන ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමට සත්කාරකත්වය දැක්වීය. ඉන් අනතුරුව , 2022. දෙසැම්බර් 13-15 දක්වා කර්නාටක ප්‍රාන්තයේ බෙංගලෝරු හි පළමු ජී-20 මූල්‍ය සහ මහ බැංකු නියෝජිතයින් රැස්වීම පැවැත්විණි.ජී-20 යනු ලොව විශාලතම කාර්මික සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් එකට එක් කරන ජාත්‍යන්තර සංවිධානයකි.

1999 දී සමූහය පිහිටුවීමේ සිට ඉන්දියාව ජී-20 සාමාජිකයෙකි. සමූහයේ සැලකිය යුතු සාමාජිකයෙකු වන ඉන්දියාව, ගෝලීය මූල්‍ය සාකච්ඡා වලට තීරනාත්මක ජාතික අවශ්‍යතා පිළිබඳ සිය දෘෂ්ටිකෝණය ඇතුළත් කිරීමට වග බලා ගත්තේය.

රුසියාව-යුක්රේන ගැටුම සහ පශ්චාත් වසංගත ආර්ථික ප්‍රකෘතිය වැනි භූ දේශපාලනික නොසන්සුන්තාව වැනි විවිධ සමාජ, ආර්ථික සහ දේශපාලන උත්සුකයන් ලෝකය අත්විඳින මොහොතක ඉන්දුනීසියාවේ අනුප්‍රාප්තිකයා ලෙස ඉන්දියාව වසරක් සඳහා ජී-20 සභාපතිත්වය භාර ගත්තේය.

ඉන්දියාව පවසා ඇත්තේ තම ජී-20 සභාපතිත්වය ජී-20 රටවලට පමණක් නොව මුළු ලෝකයටම විශේෂයෙන්ම ගෝලීය දකුණට අයත් වන බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්