ඉන්දියාවේ භාණ්ඩ හා සේවා අපනයනය පසුගිය මූල්‍ය වර්ෂය තුළ බිලියන 675 ඉක්මවා ඇත.2030 වන විට ජාත්‍යන්තර වෙළඳාම ඩොලර් ට්‍රිලියන 2 ඉලක්කයක් වෙත යාමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ස්ටැන්ෆර්ඩ් උපාධි පාසලේ ව්‍යාපාර පීඨයේ සහ සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔහු තර්ක කළේ ඉන්දියානු ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 30ක ආර්ථිකයක් බවට පත්කිරීමට ඉලක්ක තබා ඇති බවයි. ඉන්දියාව සිය නිදහසේ 100 වැනි සංවත්සරය සමරන අවස්ථාව වන විට මෙම ඉලක්කය සපුරාගත හැකි වනු ඇති බව ඔහු පැවසීය.

මෙය ඉන්දියාවේ දශකය පමණක් නොවේ, එය ඉන්දියාවේ සියවසයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන්දියාව පසුගිය වසර කිහිපය තුළ ආර්ථිකය වර්ධනය කිරීමට, පද්ධති වැඩිදියුණු කිරීමට,රට වේගයෙන් පරිවර්තනය කිරීමට,තාක්‍ෂණය සමඟ සම්බන්ධ වීමට සහ ලෝකයේ හොඳම දේ ඉගෙන ගැනීමට හැකි පදනම නිර්මාණය කර ඇති බවයි.

කුඩා ව්‍යාපාරිකයන් පවා ඩිජිටල් ගෙවීම් භාර ගනිමින් අද වන විට සියලුම ඩිජිටල් ගනුදෙනුවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව තුල සිදුවන බව ඉන්දියාවේ ෆින්ටෙක් සාර්ථකත්වය ගැන කතා කරමින් ගෝයාල් පැවසුවේය.

ස්ටැන්ෆර්ඩ් උපාධි පාසලේ සිසුන් අමතමිනි ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් අවධාරණය කළේ ඉන්දියාව සමඟ සම්බන්ධ වී බිලියනයකට අධික ජනතාවක් සමඟ කටයුතු කිරීමට ඔවුනට ආරාධනා කළේය. තවද ඉන්දියාව විසින් ලෝකයට ලබා දී අද්විතීය අවස්ථාවන් මතුකර දැක්වීමට ඔහු කටයුතු කළේය.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා දින හයක සංචාරයක් සඳහා එක්සත් ජනපදයට පැමිණ සිටී. එහිදී ඔහු ඉන්දියානු-එක්සත් ජනපද උපායමාර්ගික හවුල්කාරිත්ව සංසදය සහ ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව පිළිබඳ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඇතුළු විවිධ වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.