ඉදිරියේදී වාණිජ අගනුවර හම්බන්තොට වේවි – ආචාර්ය ප්‍රියාත් බන්දු

Spread the love

වාරාය ආරක්‍ෂාව පිළිබඳව පසුගියදා (28 සැප්.) පැවති අන්තර්ජාතික සමුළුවක ප‍්‍රධාන දේශනය සිදුකරමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයාත් බන්දු වික‍්‍රම මහතා පැවසුවේ වාණිජ අගනුවර කොළඹ සිට හම්බන්තොට දක්වා ගෙනයාම සඳහා බලධාරීන් විසින් සැලසුමක් සකස් කර ඇති බවතෙ ප‍්‍රයෝජනයට නොගත් ඉඩම් විශාල ප‍්‍රමාණයක් හම්බන්තොට ප‍්‍රදේශයේ තිබීම මෙම තීරණය ගැනීමට බොහෝ සෙයින් හේතුවී ඇති බවත්ය.
කොළඹ යනු වර්තමානයේ මෙරට වාණිජ මූලස්ථානය බවත්, අදියර තුනක් යටතේ කි‍්‍රයාත්මක වන වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එය දකුණු ආසියාවේ විශාලතම වරාය බවට පත්කිරීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අපේක්‍ෂා කරන බව ද වික‍්‍රම මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය මගින් මේ වන විට බහාලූම් මිලියන 4.5ක ප‍්‍රමාණයක් හසුරවන කොළඹ වරායේ ධාරිතාවය මිලියන 13 දක්වා වැඩිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
තවදුරටත් අදහස් දක්වමින් වරාය අධිකාරියේ සභාපතිවරයා පවසා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් මෙරට වරාය ක්ෂේත‍්‍රයේ ආයෝජනය කරන බවයි.
ආසියානු සංවර්ධන බැංකුවෙන් හා චීනය, ඉන්දියාව, ඩෙන්මාර්කය හා ජපානය යන රටවල්වලින් මේ සඳහා ආධාර ලැබීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

RSL

Related Posts