2011 වසරේදී ඇමෙරිකාවේ නගර කිහිපයකට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලවී ඊයේ දිනට (11 සැප්.) දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරියගේ නිල නිවසේ පැවති ආගමික වැඩසටහනකදී ඇමෙරිකානු තානාපතිනී පැටී‍්‍රෂියා ඒ බුටේනිස් පැවසුවේ ත‍්‍රස්ත ප‍්‍රහාරවලට ගොදුරු වීමෙන් පසුව පවා ශී‍්‍ර ලාංකිකයින් හා ඇමෙරිකානුවන් නොපසුබටව හා නම්‍යශීලීව කි‍්‍රයා කිරීම ඉතා පැසසුම් කටයුතු බවයි.
ශී‍්‍ර ලංකාවේ බහුවාර්ගික, බහුආගමික අනන්‍යතාව රටේ නියම ශක්තිය බවත්, එම අනන්‍යතාව තවදුරටත් රැක ගැනීම සඳහා දිවයින නොපසුබටව හා නම්‍යශීලීව කටයුතු කරනු ඇති බවට තමන් උදක්ම විශ්වාස කරන බවත් ඇය කියා සිටියාය.
ඇමෙරිකාවේ ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට ගොදුරුවූවන් වෙනුවෙන් එම අවස්ථාවේදී බෞද්ධ, ඇංග්ලිකානු, හින්දු, යුදෙව්, මුස්ලිම් හා රෝමානු කතෝලික ආගමික යාඥා සිදු කෙරිණ. වසර 2011 සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක්, වොෂින්ටන් හා පෙන්සිල්වේනියාව යන නගරවලට එල්ල වූ ප‍්‍රහාරවලින් රටවල් 90කට අයත් පුද්ගලයින් 3,000කට ආසන්න පිරිසක් මිය ගියේය.
ඔවුන් අතර, ශී‍්‍ර ලංකාවේ උපත ලැබූ රහ්මා සාලිද සිටි අතර, ඒ වන විට ඇය සත්මසක ගැබිණියක වූවාය.