ඇන්ගෝලාවේ ගුවන් අනතුරෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට

Spread the love

ඊයේ (14 සැප්.) ඇන්ගෝලාවේ ගුවන් හමුදා යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෝ 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර තවත් හය දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර ප්‍රධාන ගුවන් නියමුවා සහ සහයක නියමුවා ද ඊට අයත් වෙති. ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වුවන්ගෙන් තිදෙනෙකු හමුදා ජෙනරල්වරුන් වේ.
අප්‍රිකානු මහද්වීපයේ විශාලතම හමුදා සහ ගුවන් හමුදා බල ඇණි සතු රාජ්‍යයක් ලෙස ඇන්ගෝලාව සැලකේ.
ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මියගිය 26 දෙනෙකුගේ සිරුරු සොයා ගනු ලැබ තිබේ.


RSL

Related Posts