ආර්.දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

Spread the love

පසුගිය ඔක්තෝබර් 8 වනදා අංගොඩ වල්පොල හන්දියේදී සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු පා.ම ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පා.ම දුමින්ද සිල්වා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (15)නම් කළේය.

ඒ අනුව අධිකරණය නියෝග කලේ දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙසයි.

අද දිනයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා අධිකරණයට පැවසූයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ඇති බවයි.එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දන්වා සිටියේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

එසේ ප්‍රමාණවත් තරමි සාක්ෂි තිබියදී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට නොගැනීම මහත් ගැටළුවක් බවයි. කෙසේ වෙතත් කරුණු සකලා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කලේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

RSL

Related Posts