‘රාවය’ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මැතිවරණැ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ වීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල කර ඇතැයි වාර්තා වේ.
කොළඹ නගරාධිපති ධූරය සඳහා එජනිසෙන් තරඟ වදින මිලින්ද මොරගොඩට සහාය වීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා ඔක්තෝබර් 03 වැනිදා කොම්පඤ්ඤ වීදිය ප‍්‍රදේශයේ චාරිකා කළ බව රුහුණගේ මහතා බීබීසී සංදේශයට කියා තිබේ.
එහිදී මැතිවරණ ප‍්‍රචාරක රැලියක් ද ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, එජනිස අපේක්‍ෂකයාගේ ජය තහවුරු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටි බව මාධ්‍යවේදියා පවසා ඇත. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගී විය නොහැකි බව වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා ද වන රුහුණගේ මහතා පෙන්වා දී තිබේ.
ආරක්ෂක ලේකම්වරයාට් එරෙහිව මාධ්‍යවේදියකුගෙන් පැමිණිල්ලක්
Loading...