ආයෝජනය සඳහා හොඳම ආසියාතික රට ශ්‍රී ලංකාවයි – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

Spread the love

නොබැඳි ජාතීන්ගේ රටවලට ආයෝජනය සඳහා හොඳම ආසියාතික රට ශ්‍රී ලංකාව බවත් ඒ සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය සාර්ව ආර්ථික පරිසරය හා යටිතල පහසුකම් රට තුළ ගොඩනැඟී ඇති බවත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාර කවුන්සිලය මඟින් නොබැඳි ජාතින්ගේ වෙළෙඳ කටයුතු පුළුල් කිරීම සඳහා වන නොබැඳි ජාතින්ගේ රාජ්‍ය නායක හමුව 2013 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ පැවැති සාකච්ඡාවකදී බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ අරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී ආචාර්ය ක්‍රිස් නෝනිස් පවසා ඇත්තේ 28 අවුරුද්දක ගැටුම්කාරි තත්ත්වයෙන් පසු 2009 දී සාමය උදාකර ගැනීමත්, දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් ඇති කරගෙන ඇති ප්‍රගතිය හොඳ ව්‍යාපාරික පරිසරයක් ගැටුම් පැවතුණු ප්‍රදේශ ඇතුළු රටපුරා ඇතිකර ඇති බවයි.

එමෙන්ම තවදුරටත් ඔහු පවසා ඇත්තේ දුප්පත්කමට එරෙහිව මෙන්ම සියලු දෙනාට සමානව ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා මහින්ද චින්තන වැඩසටහන මඟින් ගෙන යන වැඩපිළිවෙළ රටේ සෑම ක්ෂේත්‍රයකම වර්ධනයට හා දිගුකාලීන සාමයේ පැවැත්වීමට හේතු වන බවයි.

RSL

Related Posts