ආණ්ඩුව ගෙතූ කතා පරයා පැහැර ගැනීමට ලක් වූ ස්විස් තානාපති නිලධාරිනිය පැය 5ක ප්‍රකාශයක් දෙයි..

Spread the love

විවිධ කතා ගොතමින් ආටක නාටකයක් බවට ආණ්ඩුව විසින් විසින් හුවා දැක්වීමට උත්සහ කළ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය ඊයේ(08) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමත් සමඟ එදා සිට මෙදා දක්වා ආණ්ඩුව ගොතූ කතාවල වලංගුතාවය බිදි හෙළිණ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ(08) පස්වරුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

එම නිලධාරීනිය සමඟ තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු මෙම අවස්ථාවට පැමිණ සිට ඇති බවයි වාර්තා වෙයි.

පැය 05කට ආසන්න කාලයක් ස්විස් තානාපති නිලධාරීනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය ප්‍රකාශය ලබා දී තිබේ. අදාළ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඇති බව සඳහන්ය.

පසුගිය නොවැම්බර් මස 25 වනදා සිය රාජකාරී කටයුතු අවසන් කර යළි නිවස බලා ගමන් කිරීමේදී ස්විස් තානාපති කාර්යාල නිළධාරීනියක පැහැර ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණි.

මේ සම්බන්ධයෙන් ඇය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දැනුම් දී තිබු අතර ඒ සම්බන්ධයෙන් තානාපති නිලධාරීන් රජය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අතර සිද්ධිය පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමටද ඔවුන් පියවර ගත්තේය.

එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ස්විස් තානාපති කාර්යාලයට දැනුම් දුන්නේය.

RSL

Related Posts