අසීරු සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දුන්නා

Spread the love

රට අසීරුතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දැක්වූ සහාය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැඟිල්ල පසුගිය 28 වනදා නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

පසුගිය යුධ සමයේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා 2001 වසරේ තමා අග්‍රාමාත්‍යවරයාව කටයුතු කරන සමයේ ජෝර්ජ් බුෂ් මහතාගේ නායකත්වයෙන් එක්සත් ජනපදය ලබා දුන් සහාය ද කෘතවේදීව සිහිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Related Posts