මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය කරවීමට සහය දුන් උතුරු කොළඹ ජනතාවට ස්තූතිය පළ කිරීම වෙනුවෙන් මෝදර කාක දූපතේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා පැවසුවේ මෙවර අලි පෙරහැරට එක් කරගන්නේ, කොට අදිමින් වෙහෙස වු අලින් බවයි.
“ඡන්ද අපිට 64%ක් 65%ක් ලැබුනට මගේ ඉලක්කය වූයේ 85%ක් ලබා ගන්න එකයි. ඔබ සියලු දෙනාම ගිහිල්ල බලන්න අයි 20%ක් 25%ක් ඡන්ද දුන්නේ නැත්තේ කියන එක ඉස්සෙලාම ඡන්දය දෙන අය තමයි අපි ලබා ගන්නට ඕන වැඩ කරන්නැති වෙනින් පක්ෂවල වැඩ කරපු අය තමයි ඉස්සෙලම ඇවිල්ල කරනම් ගහලා වැඩ ගන්න හදන්නේ, අපිත් එක්ක මේ ගමන ආරම්භ කරන්න අපි කිව්වා වගේ අලි පෙරහැරේ ඒ කොටන් ඇදපු අලි තමයි මේ ගමන අලි පෙරහැරේ යන්නේ” කරුණානායක මහතා පැවසීය.
Loading...