අර්බුදවලට මුහුණ දීම සඳහා ආර්ථිකයන් සංවර්ධනය කිරීමට අප වග බලා ගත යුතුයි – ජනපති රාජපක්ෂ

Spread the love

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව ඊයේ (27 ඔක්.) බර්ස්ට්වුඞ් හි බර්ස්ට්වුඞ් සංකීර්ණයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝලීය අභියෝග හමුවේ නොවැළැක්විය හැකි අර්බුදවලට මුහුණ දීම සඳහා අපේ ආර්ථිකයන් ප‍්‍රමාණවත් පරිදි සංවර්ධනය කිරීමට අප විසින් වග බලා ගත යුතු බවයි.

ඉන්දියන් හා ශාන්තිකර සාගර කලාපයේ ශීඝ‍්‍රයෙන් වර්ධනය වන වෙළෙඳපොළ යන මාතෘකාව යටතේ සිය අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

එක් අරමුණක් හෝ දෙකක් ඉලක්ක කර ගෙන අප විසින් නියම කර ගන්නා පෞද්ගලික ප‍්‍රතිපත්ති හෝ ඒ ඒ අවස්ථාවට උචිත පරිදි ගනු ලබන කි‍්‍රයාමාර්ග තුළින් අප පොදුවේ බලාපොරොත්තු වන ප‍්‍රතිඵල ලබා ගැනීමට බොහෝ විට නොහැකි වේ. එවැනි ප‍්‍රතිචාර අවශ්‍යයෙන් ම කෙටි කාලීන වන අතර, ඇතැම් විට නව දුෂ්කරතාවන් ඇති කරයි. සරල ක්‍‍්‍රමයක් ලෙස පෙනී ගිය ද ආර්ථික වර්ධනය දීර්ඝකාලීන ව පවත්වා ගැනීම සඳහා ජාතීන් වශයෙන් අප විසින් අපේ මූලික අවශ්‍යතා ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.

වෙළෙඳපොළ හා ආර්ථිකයන් නිරන්තර ව අවිනිශ්චිත හා නොසන්සුන්තාවන්ට බඳුන් ව ඇති සංකීර්ණත්වය දිනෙන් දින වර්ධනය වන ලෝකයක යම්තාක් දුරකට හෝ සිය ස්ථාවරත්වය රැුක ගැනීමට සමත් ව ඇති එක ම ගෝලීය කලාපය ආසියා ශාන්තිකර කලාපයයි.

ඇත්ත වශයෙන් ගෝලීය වර්ධනය හා ස්ථායීතාව රැුක ගැනුමට වැදගත් ම කාර්යභාරයක් ඉටු වන්නේ ආසියා හා ශාන්තිකර කලාපීය ආර්ථිකයන්ගෙන් බව ලොව පිළිගත් කාරණාවක්. වර්තමානයේ දී අපට දක්නට ලැබෙන ආර්ථික දර්ශකයන්ගෙන් ද ආසියාවේ ආර්ථික වර්ධනය පිළිබඳ ව සහතික ලබා ගැනීමට හැකියාව තියෙනවා. ආසියානු ජාතීන් වශයෙන් අප නිවැරදි පියවරගත හොත් මිස මෙම ආර්ථික වර්ධනය අඛණ්ඩ ව සිදු නොවන බව අප විසින් පිළිගත යුතුයි. සෞභාග්‍යය කරා ආසියානු ජාතීන් මෙහෙයවීමේ වගකීමක් වර්තමාන දේශපාලන හා ආර්ථික නායකයින්ට පැවරී තියෙනවා.

RSL

Related Posts