දකුණු පළාතට බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අතුරුදන්වූවන් සොයා දැනට මෙහෙයුම් ක්‍රියාත්මක බවය. ඊයේ පෙරවරුවේ ඇතිවූ දැඩි සුළඟින් දකුණු පළාතේ ගාල්ල , මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල විය. ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ එයින් නිවාස 1,200කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවය.දකුණු වෙරළබඩ ප්‍රදේශ හරහා හමාගිය එම සුළඟ නිසා මාතර දිස්ත්‍රික්කයේ ගස්කොළන් කඩා වැටී, විදුලිකණු හා නාමපුවරු බිඳවැටී ඇත. සුළඟින් පාසල් ගොඩනැඟිලි රැසක වහලවල් විනාශ වී ඇති අතර ගොඩනැඟිලි සහ මාර්ගවලට අලාභහානි සිදු ව තිබේ. සහනසේවා කණ්ඩායම් යෙදවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළ අතර ආරක්ෂක හමුදාවන් ඒ සඳහා සහය ලබාදුන් බව වාර්තා වේ. ගාල්ලේ සිට දෙවුන්දර තුඩුව දක්වා සුළඟ බලපවත්වා තිබේ.
වසර අවසාන වාර විභාගය පැවැත්වෙමින් තිබෙන පාසල්වල කටයුතු පවත්වාගෙන යාමට දැඩි දුෂ්කරතා ඇතිවී තිබෙන බවද දෙමාපියන් පාසල් කරා එමින් සිටින බවද වාර්තාවේ. මෙම සුළිකුණාටු තත්වය පිළිබදව කාළගුණ විද්‍යා දෙපාර්මේන්තුව පූර්ව අනතුරු ඇගවීම් කර තිබුණේ නැත. දකුණු පළාතේ ජන ජීවිතය මේ වන විට සුළිකුණාටුව නිසා අඩපණවී තිබේ.