උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවක නොසන්සුන් ලෙස හැසුරුණු සිව්දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දෙනමක් සහ සිසුන් දෙදෙනකු බව සඳහන්.
ඔවුන් පොලිසිය මඟහරිමින් සිටි අය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. කෙසේ වෙතත් එම සිව්දෙනා පසුගුය මස 31 වන දින පස්වරුවේ පොලිසියට භාර වී ඇති අතර ඔවුන් ඊයේ (01 නොවැ.) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඔහු සදහන් කළේ එම සිව්දෙනා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ අය බවයි.
මේ අතර සිද්ධියට විරෝධය පල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්විය.
Loading...