අපනයන ආර්ථිකයක් ගොඩනැංවීමට එක්වන්න – ජනපති

Spread the love

ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිතයින් සමඟ පසුගියදා (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආරම්භය අපහසු වුවද ඉදිරියට යාමේදී වර්ධනයක් ළඟා කරගත හැකි බවයි.

එසේම අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අදහස් වෙනස් කරගත යුතු බවත් එමඟින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යාමට වඩාත් පහසුවන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වයට යළි ඇති කිරීම, ණය තිරසර බව ප්‍රතිෂ්ඨපනය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම මෙම ණය පහසුකම ලබාදීමේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

Related Posts